ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 06 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමිවී තිබෙනවා.
ඒ ලේකම් ධුරයේ ගැටලු පවතින හේතුවෙන්.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, එක්සත් ලංකා පොදු ජන පක්ෂය, ලංකා ජනතා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ සහ ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂවලට මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
කෙසේවෙතත් දේශපාලන පක්ෂ 77කට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.