Latest News

කාන්තාවකට අනිසි යෝජනාවක් කළ පුද්ගලයෙකුගේ හිස දෙකඩ කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාන්තාවකට අනිසි යෝජනාවක් කළ පුද්ගලයෙකුට එම කාන්තාව සිය සැමියා හා තවත් අයෙක් සමග එක්ව පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ අඹුසැමි යුවළ ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.

පොතුපිටිය පින්නගොඩැල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වනදා පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණා.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ එම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.

පහරදීමෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ හිස දෙකඩ වී තිබූ බව පොලීසිය පැවසුවා.

මළ සිරුර අසල සැකකටයුතු ලී කැබැල්ලක් තිබී ඇති අතර ඒ අනුව පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන ඒ පිළිබඳව පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේදී එම නිල සුනඛයා ප්‍රදේශයේ ඇති ලයිම් කාමරයක ඇඳක් මත නිදාගෙන සිටි පුද්ගලයෙකු අසල නැවතී තිබුණා.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඝාතනයට සම්බන්ධ අඹුසැමි යුවළද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාවට ඝාතනය වූ පුද්ගලයා අවස්ථා දෙකකදී අයුතු යෝජනා කර ඇති බවයි.

ඒ පිළිබඳව සිය සැමියා දැනුම්වත් කිරීමෙන් පසුව 11 වනදා රාත්‍රියේ ඔහුගේ නිවසට ගොස් පහරදීමේදී එම පුද්ගලයා දිවයෑමත් සමඟ පසුපස හඹාගොස් යළි පහරදී ඇති බවයි අදාළ සැකකාරිය පවසා ඇත්තේ.

අනතුරුව සැකකරුවන් කලවාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

World News