Latest News

“ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා” – කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මරණ තර්ජන

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා”. යැයි පවසා මරණ තර්ජන එල්ල කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව තර්ජනාත්මක පොස්ටර් ගසා එම කාර්යාලයට කලුතෙල් ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව කැකිරාව පොලීසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් කැකිරාව පොලිස් ස්ථානයට සිදු කළ පැමිණීල්ලකට අනුව පරීක්ෂණ අරඹා තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට කැකිරාවෙන් ඉවත්ව යන ලෙසත්, එසේ නොවුනහොත් ක්ලබ් වසන්තට අත්වූ ඉරණම තමන්ටද අත්වනු ඇතැයි එහි අලවා ඇති පෝස්ටර්වලින් කියැවෙනවා.

සැකකරුවන් විසින් එහි ගොඩනැගිලි 03කට කලුතෙල් ප්‍රහාර එල්ලකර තිබුණා.

රුපියල් කෝටි ගණනක් වටිනා වස මිශ්‍රබව කියන පාන්පිටි තොගයක් අත්අඩංගුවට ගැනීම හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබූ ආහාර ද්‍රව්‍ය තොගයකට හානි කිරීම සම්බන්ධන්ධයෙන් නීතිඥවරුන් දෙදෙනෙකු ට එරෙහිව යනාදී වශයෙන් විශේෂනඩු කිහිපයක්ද ඉකුත් දිනවලදී කැකිරාව සෞඛ්‍ය වෛද්‍යවරයා විසින් අධීකරණයේ ගොනුකර තිබුණා.

මේ වනවිට එම නඩු විභාග වෙමින් ඇති පසුබිමක කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මෙලෙස මරණ තර්ජන එල්ලව තිබෙනවා.

World News