Latest News

ශ්‍රී ලංකාව තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණවල වැඩිවීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළා.

වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවත්, පියයුරු පිළිකා කල්තියා හදුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවත් ඇය එහිදී පැවසුවා.

ඒ අතරින් 125ක් පමණ පිරිමි පුද්ගලයින් වන බවයි වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ,

“පියයුරුවේ ඇති වෙන යම් ගැටිත්තක්. වළ ගැසීමක්. එහෙමත් නැත්නම් සමේ වර්ණයේ වෙනසක්. සම ඝන වීමක්. තව දුරටත් කිව්වොත් කිහිල්ලේ ඇති වෙන යම් ගැටිත්තක්. තන පුඩුවේ ඇති වෙන වෙනස්කම්. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා අපි පහසුකම් සපයන සායන කිහිපයක් තියෙනවා. එකක් සුව නාරි සායනය, සුව දිවි සායන තියෙනවා රෝහල්වල. ඊළඟට රෝහල්වල තියෙනවා පියයුරු සායන. මේ හැරුණු කොට ශල්‍ය සායනයකින් පියයුරු පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා.”

World News