යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය තාරා දේවී ප්‍රතිමාව ඇතුළු පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අදාළ රටවල් සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළා.
“එක්සත් රාජධානිය විසින් අප රටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් තිබෙනවා. ඒවා අතර තාරා දෙව්දුවගේ පිළිමය ද තිබෙනවා. ඒ අනුව එම පිළිමය ඇතුළු පුරා වස්තු රැසක් මෙරටට ගෙන ඒමට අප විසින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. එමෙන්ම නෙදර්ලන්තයෙන් ද එවැනිම භාණ්ඩ රැසක් අපට ලැබුණා.”