යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද ශ්‍රී ලංකාවට පැමිණියා.
ඒ අද (16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR – 662 දරන ගුවන් යානයෙන්.
අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ සිටියා.
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.