Latest News

SL Presidential Election 2024: සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් ඡන්ද වැඩ සිදුවන බවට තොරතුරු

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාළ පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් එම ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ තාක්ෂණික කාරණා හේතුවෙන් සමාජ මාධ්‍යවලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කරවී ඇති බවයි.

සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ අසූවකට ආසන්න පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඒවා නතර කරන ලෙසට පසුගියදා උපදෙස්දී තිබුණා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) චින්තක කුලරත්න මහතා පැවසුවේ එම ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට දිගින් දිගටම උපදෙස් දුන් බවයි.

එසේම මැතිවරණ කොමිෂන් සභාව නතර කරන ලෙස උපදෙස් දුන්නද මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ සමීක්ෂණ වාර්තා නිකුත් කිරීමද අඛණ්ඩව සිදුවන බව දැනගන්නට තිබෙනවා.

මේ අතර නිහඬ කාලසීමාව තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් වාර්තාවී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා.

ඉන් පැමිණිලි 30ක් නීිතිවිරෝධී ප්‍රචාරණ කටයුතු වනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ මේ දක්වා කාලය, සාමකාමීව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ.

ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ, රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ ප්‍රවණතාවක්ද මෙවර මැතිවරණයේදී දක්නට ලැබුණු බවයි.

World News