Latest News

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසර 20ක ක්‍රිකට් තහනමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට එරෙහිව වසර 20ක ක්‍රිකට් තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහු‌ට WBBL සහ BBL කණ්ඩායම් ඇතුළු ප්‍රාන්ත හෝ ප්‍රාදේශීය ක්‍රිකට් සංගම්වල කිසිදු තනතුරක් දැරීම තහනම් වනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු කාන්තා ක්‍රිකට් පුහුණුකරු වන දුලිප් සමරවීරට වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවකට විෂමාචාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.

ඒ හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවටයි තොරතු වාර්තා වන්නේ.

ක්‍රිකට් ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ක්‍රිකට් ඒකාබද්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ක්‍රීඩකයින් සහ සේවකයින් සඳහා ආරක්ෂිත පරිසරයක් සැපයීමට කැපවී සිටින අතර වැරදි ලෙස සැලකීමට ලක්වූවන්ගේ සුභසාධනය ඉතා වැදගත් වන බවයි.

දුලිප් සමරවීර සම්බන්ධයෙන් ගත් තීරණයට තමන් දැඩි ලෙස සහාය දක්වන බව ද වික්ටෝරියා ක්‍රිකට් නිවේදනය කර ඇති බව සඳහන්.

World News

Send your contact Details Today