Latest News

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීමට අවස්තාව ලබා දෙමින් භික්ෂුණී ශාසනය ආරම්භ කරන ලද්දේද අදවන් දිනකයි.

බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවයි ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ.

එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය හඳුන්වනවා.

World News