Latest News

රුමේනියාවට ගංවතුර – සිව් දෙනෙක් ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ගිනිකොනදිග රුමේනියාවේ ගලාටි ප්‍රදේශයෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනා සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම චෙක් ජනරජය පුරා ස්ථාන 38 ක ඉහළම ගංවතුර අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

එරට Prague අගනුවර නගරයේ ගංවතුර බාධක ඉහළ නංවා ඇති අතර, සත්වෝද්‍යානය වසා දමා ඇති බවයි චෙක් බලධාරීන් පවසා ඇත්තේ.

ගංගාවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ පෝලන්තයේ ද ජනතාව ඉවත් කිරීම් ආරම්භ කර ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

World News

Send your contact Details Today