මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනො අගුලාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (15) සිය බාරයට ගත් බව පොලීසිය පවසනවා.
මෙසේ පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 තිදෙනෙකු අවුරුදු 16 දෙදෙනකු හා අවුරුදු 18 එක් අයෙකු සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අධිකරණ නියෝග මත පරිවාස දෙපාර්තමේන්තුව හරහා රැකවරණයට සුදුසුකම් ලැබෙන බාල වයස්කාර දැරිවියන් රඳවා සිටින මෙම රැකවරණ මධ්‍යස්ථානයේ දැනට දැරිවියන් 22 රඳවා සිටින අතර ඉන් දැරියන් හය දෙනකු මෙසේ පලා ගොස් තිබුණා.
ඊයේ(14) දැරිවියන් 22 ආහාරය බෙදා වෙන්කර තිබූ අතර රාත්‍රී 8.45 පමණ වන තෙක් හය දෙනෙකුගේ ආහාර පිඟන් ඉතිරිව තිබීම පිළිබදව සැක සිතී එහි පාලිකාව විපරම් කර බැලීමේදී මෙසේ හය දෙනෙකු පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟයි පොලිසියේ පැමිණිල්ලක් කර ඇත්තේ.
දැරියන් රැඳී සිටි නිවස එක් දැරියකගේ ඥාති නිවසක් බව පවසන පොලීසිය දැරියන් මෙසේ අනාරක්ෂිතව පලායාමට හේතුව කුමක්දැයි විමර්ශන පවත්වත්වන බව සඳහන් කළා.