ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ජන්ද දැන්වීම් පත්‍රිකා 51%ක ප්‍රතිශතයක් මේ වන විට බෙදා අවසන් කර තිබෙනවා.
තැපැල්පති බී සරත් කුමාර සඳහන් කලේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 87ක් පමණ මේ වන විට බෙදා අවසන් කර ඇති බවයි.
තවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 80ක් පමණ බෙදාහැරීමට ඉතිරි වී තිබෙනවා.
ඒවා ලබන 14 වැනිදා වන විට තැපැල්කරුවන් මගින් ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ.
ලබන 14 වැනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබෙන පුද්ගලයින් වෙතොත් තමන් අයත් ලිපි මුදාහැරීමේ කාර්යාලයෙන් අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකි බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.