Latest News

රාජ්‍ය දැව සංස්ථාවට කලමනාකාර පත්වීම් 3ක් ලබා දීමට යාමේදී ගැටලුවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථවට කලමනාකාර පත්වීම් 3ක් ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබා දීම ජනාධිපතිවරණයේදිත් අවලංගු කල බවට කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය පවසනවා.

මැතිවරණ කොමිසමට ලැබී තිබූ පැමිණිල්ලක් මත මැතිවරණ කොමිසම විසින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා යොමුකර තිබුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයටයි . ඒ අනුව එම මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් සොයා තිබුණා.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් මෙම පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවරගත් බවයි කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් ප්‍රකාශ කලේ.

හදිසි සේවා මත බවට පවසමින් බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කලමනාකාර පත්වීම් තුනක් ලබාදීමට සූදානම් කර තිබුණා.

World News