Latest News

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගය අද

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා- කාම්බෝජය අතර පැවැත්වෙන දෙවැනි තරගය කාම්බෝජයේදී අද මේ රට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වනවා.

දෙරට අතර පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 

ඒ හේතුවෙන් අද තරගය දෙපිලටම තීරණාත්මක සාධකයක් වනු ඇති. 

මෙම තරගයේදී නියමිත කාලයේදී තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුවහොත් අතිරේක කාලයක් ලබාදීමට පියවර ගැනෙන අතර එහිදී ද විසදුමකින් තොරව අවසන් වුවහොත් දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කෙරෙනවා. 

මේ වනවිට ජාත්‍යන්තර පාපන්දු වර්ගී කරණයේ කාම්බෝජය 180 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 205 වන ස්ථානයේයි.

World News

Send your contact Details Today