ඡන්ද පත්රිකා බෙදමින් සිටි කලුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කලුතර උතුර පොලිසිය විසින්.අත්අඩංගුවට ගත් පුද්ගලයා කලුතර ජාවත්ත ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
පහර කෑ තැපැල්කරු රෝහල් ගත වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කලුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.
කතා බහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.