ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 209ක් වාර්තා වී තිබෙනවා .
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 24ක කාලය තුළදී මැතිවරණ නිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව පැමිණිලි 204ක් ලැබී ඇති බවයි.
ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් පැමිණිලි 02ක් වාර්තා වී තිබෙනවා.
වෙනත් පැමිණිලි 3ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ.
ඒ අනුව පසුගිය ජුලි මස 31 වනදා සිට මේ දක්වා සමස්ථ පැමිණිලි 2863ක් වාර්තා වී තිබෙනවා.
ඊට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 2775ක් අයත්.
ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් පැමිණිලි 23ක් ලැබී තිබෙනවා.වෙනත් පැමිණිලි 65ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ.ලැබී ඇති පැමිණිලි වලින් 2113 ක් විසඳා තිබෙනවා.