ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්ථාන සහ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලි එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් හට අහිමිවී තිබෙනවා.
ඒ ඔහුගේ දකුණු අතෙහි වැලමිට ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක් වූ බව සඳහන්.
ඉන් අනතුරුව සිදු කළ ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ ආබාධ තත්ත්වය වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ අනුව ඔහු මෙම වසරේ පැවැත්වෙන ටෙස්ට් තරග හයක් අහිමි වනු ඇති.
ඔක්තෝබර් මාසයේදී පාකිස්ථානය සමඟ තරග තුනක් පැවැත්වෙන අතර දෙසැම්බර් මාසයේදී නවසිලන්තය සමඟ ටෙස්ට් තරග තුනක් එංගලන්තය ක්‍රීඩා කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය අංශය මාක් වූඩ් සමීපව නිරීක්ෂණය කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
2025 වසර ආරම්භයට පෙර ඔහු පූර්ණ වශයෙන් සුවය ලබන්නේ නම් ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට ඔහු ක්‍රීඩා කරනු ඇති.