ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
එම නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිසයි.
ඉන් ද බහුතරය බංග්ලාදේශ ජාතිකයින් බවයි වාර්තා වන්නේ.
90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ තිබුණා.
එවැනි තහනමක් පැනවීමට හේතුව වශයෙන් එහි නගරාධිපතිනිය පෙන්වා දෙන්නේ එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බවයි.
මෙම නගරය පාලනය කරනු ලබන්නේ උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයේ නගරාධිපතිනියක් බව ද සඳහන්.
ඔවුන් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.