Latest News

🔴 BREAKING NEWS: අද සිට විදුලිබිල අඩුවෙන්නේ මෙහෙමයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම විසින් මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා.

ඒ අනුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, 22.5%ක් ලෙස ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවයි.

ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබෙනවා. එය 55% අඩුවීමක්.

ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය මීට පෙර පැවති රුපියල් 390 සිට රුපියල් 280ක් දක්වා පහත දමා ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ.

ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත ඒ අනුව රුපියල් 1,140 සිට 700ක් දක්වා අඩුවී තිබෙනවා.

ආගමික ස්ථානවල ද මීට සමගාමීව විදුලි බිල අඩුවෙන අතර ඒකක 90 දක්වා එක් ඒකකයක මිල රුපියල් 6ක් වනවා.

මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කළ අදාළ නිවේදනය පහතින්…

World News