ඉතාලියේ, ලම්පදූසා දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 21 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
එමෙනම් නෞකාවේ සිටි තවත් 7 දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එලෙස බේරාගෙන ඇත්තේ, සිරියානු ජාතිකයින් පිරිසක් වන අතර ඔවුන් ලම්පදූසා වෙත රැගෙන ගොස් තිබෙනවා.
අතුරුදන් වී සිටින අය අතර ළමුන් තුන්දෙනෙක් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දාළ බෝට්ටුව පසුගිය ඉරිදා ලිබියාවේ සිට පිටත් වූ බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම මුහුදු ප්‍රදේශයේදී අනතුරුවලට ළක්වී මේ වනවිට සංක්‍රමණිකයන් 2,500කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.