Latest News

ආසියානු – පැසිෆික් කායවර්ධන තරගාවලියේදි ලංකාවට පදක්කම් 7ක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීනයේ පැවති ආසියානු – ෆැසිපික් කායවර්ධන සහ ශාරීරික නිරූපන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලිය ලෝක යෝග්‍යතා සම්මේලනය විසින් පිලිපීනයේ මැනිලා නුවර , ආසියානු – ෆැසිපික් කළාපයේ රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 213 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 09/01 දින පවත්වා තිබුණා.

එහිදී නුවන්ජලී අබේකෝන් බිකිනි සහ ග්ලැමෝර් අංශයෙන් තරග කර රන් පදක්කම් 02 ක් දිනා ගෙන තිබුණා.

මෙම තරගාවලියේ දී රිදී පදක්කම් ජී.එස්.චන්දන ද සිල්වා , නිමේද සංදීප සහ ධනුක කෞශල්‍ය විසින් දිනා ගෙන තිබුණා.

මීට අමතරව ලෝකඩ පදක්කම් සදුන් කුමාර සහ ධනුක කෞශල්‍ය විසින් දිනා ගෙන තිබුණා.

ඔවුන් ඊයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ AK- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් සහ දකුණු ආසියානු ක්‍රීඩා ඇකඩමියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

World News

Send your contact Details Today