Latest News

විස්සයි විස්ස අඩුම ලකුණු වාර්තාව සමවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමේ වාර්තාව සම කිරීමට මොංගෝලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ, සිංගප්පූරුවට එරෙහිව විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය තරගාවලියේදීයි.

ඒ අනුව මොංගෝලියාව විසින් සම කරනු ලැබුවේ, Isle of Man කණ්ඩායම ස්පාඤ්ඤයට එරෙහිව රැස්කරගත් ලකුණු 10 වාර්තාවයි.

සිංගප්පූරුවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මොංගෝලියානු කණ්ඩායම පන්දුවාර 10 තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 10ක්.

එහි දී ක්‍රීඩකයින් විසින් ලකුණු 8ක් රැස්කළ අතර අතිරේක ලකුණු දෙකක් ලකුණු පුවරුවට එක් වුණා.

පන්දු යැවීමේදී හර්ෂා භාරද්වාජ් ලකුණු තුනකට කඩුලු 06ක් දවා ගැනීමටයි සමත් වුණේ.

මෙය විස්සයි විස්ස ක්‍රිකට් තරගවල දෙවන හොඳම පන්දුයැවීම මෙය වීමත් විශේෂත්වයක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 11ක ඉලක්කයක් හඹා ගිය සිංගප්පූරු කණ්ඩායම පන්දුවාර 0.5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

World News

Send your contact Details Today