Latest News

ප්‍රංශ වෙරළට ඔබ්බෙන් අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් 12ක් ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශ වෙරළට ඔබ්බෙන් ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කළ අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හෙලිකොප්ටර් තුනක්, ධීවර යාත්‍රා දෙකක් සහ බෝට්ටු දෙකක් සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරත් සමග 50කට වැඩි පිරිසක් ප්‍රංශ වෙරළාරක්ෂක බලකාය බේරා ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

බෝට්ටුව තුළ ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් 70කට අධික පිරිසක් ගමන් කිරීම අනතුරට හේතු වී තිබෙනවා.

එමෙන්ම එහි ගමන්ගත් අයගෙන් අට දෙනෙකු පමණක් ජීවිතාරක්ෂක කබා පැළඳ සිට ඇති බවද සඳහන්.

World News

Send your contact Details Today