මේ දිනවල විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ දිවියන් බහුල වශයෙන් සැරිසරන ආකාරය දක්නට ලැබෙන බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ප්‍රකාශ කරනවා.
ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යනය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන අතර, ඔවුන්ට සුළබව දිවියන් දැක බලා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසී තිබෙනවා.
එසේ සැරිසරන දිවියන් තනි තනි වශයෙන් හා රංචු වශයෙන් උද්‍යානය තුළ රැදී ඇති අයුරු දැක බලා ගැනීම සඳහා මහත් ඕනෑකමකින් හා උනන්දුවකින් විදේශිය සංචාරකයින් බහුල වශයෙන් මේ දිනවල විල්පත්තුවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.
එහි පැමිණෙන විදේශිකයින් දිවියන්ගේ හැසීරීම් රටාව මනා ලෙස නිරික්ෂණය කිරීම හා ඡායාරූප ගැනීමට දැඩි ඇල්මක් හා රුචිකත්වයක් දක්වන අයුරුද දැක ගත හැකියි.
මෙලෙස උද්‍යානය තුළ සැරිසරන දිවියන් විශාල ප්‍රමාණයක් ස්ථාන කිහිපයකදී සජීවිව දැක ගැනීමට හැකිව ඇත්තේ මේ වසරේදී බවද සංචාරකයින් පෙන්වා දෙනවා.
පසුගිය වර්ෂයන් වලට සාපේක්ෂව මෙම වසරේ දිවියන්ගේ වර්ධනයේ ප්‍රවණතාවයක්ද දැක ගත හැකි බවත්, මෙම දිවියන් ඔවුන්ට රිසිසේ නිදහසේ උද්‍යානය තුළ සැරිසැරීම හේතුවෙන් බාධාවකින් තොරව ඔවුන්ව දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ට මෙවර පහසුවෙන් ඉඩ ප්‍රස්ථාව සැලසී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.