අඩි 15 ක් පමණ දිග, කිලෝ දෙදහසක් පමණ බරැති තල්මසෙකු අද (03) උදැසන පානදුර වෙරළට ගොඩගසා සිටි බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා.
සත්වයාගේ ශරීරයේ සීරිම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත්, ගොඩට පැමිණ සුළු වේලාවකින් මියගොස් ඇති බවත් සදහන්.
සත්වයා පිරිමි සත්වයෙකු බවට හදුනාගෙන ඇති අතර අත්තිඩිය වනජීවී කාර්යාලය සහ නාරා ආයතනය දැනුම්වත් කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
PHOTO COURTESY: Sumith Pothupitiya & Saman Kariyawasam (Panadura – Sri Lanka)