Latest News

නාපෝලි ප්‍රදේශයේ ඇති වූ ගෑස් පිපිරීමකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අනතුරකට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ නාපෝලි forcella ප්‍රදේශයේ ඇති වූ ගෑස් පිපිරීමකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අනතුරකට පත් වී තිබෙනවා.

එම අනතුරින් වයස අවුරුදු 60 ක, අවුරුදු 41 සහ අවුරුදු 40 ක පුද්ගලයන් සිටින අතර බරපතළ තුවාල සහිතව දැනට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම අනතුරෙන් පසුව ඒ ප්‍රදේශයේ ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සභාපතිතුමන් සහ ඒ ප්‍රදේශයේ ජීවත්වන නාගරික මන්ත්‍රීතුමන් විසින් පත්තර වාර්තාකරුවන්ට සඳහන් කර ඇත්තේ විශාල විදේශිකයින් පිරිසක් නාපෝලි නගරය තුළ අනවසර සහ අනාරක්ෂිතව ජීවත් වන බවයි

එයට ඉතා ඉක්මනින් විකල්පයක් සහ විසඳුමක් නගරසභාවෙන් ලබා දිය යුතු බවයි එම ප්‍රදේශයේ ජනතාව විසින් ඉල්ලා සිටින්නේ.

World News

Send your contact Details Today