Latest News

කමිඳුගේ හයේ පහරින් MCC මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සමාජිකයෙකු අනතුරකට (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයේ දී පන්දු 120කට ලකුණු 74ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ඊයේ (31) කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඒ හයේ පහර 3ක් සහ 4 පහර 8ක් සමඟින්.

කෙසේ වෙතත් ඔහි එල්ල කළ දැවැන්ත 6 පහරක් තරගය නැරඹීමට පැමිණ සිටි ක්‍රීඩාලෝලියකුගේ හිසේ වැදීමෙන් අනතුරක් සිදු වුණා.

මෙලෙස අනතුරට ලක් වූයේ MCC මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සමාජිකයෙක්.

ඔහු පන්දුව අල්ලා ගැනීමට උත්සහ කර ඇති නමුත් එය ඔහුගේ දෑතින් ගිලිහී ගොස් හිසේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් තරගයෙන් පසු ඔහු සම්බන්ධව සොයා බැලීමට කමිඳු මෙන්ඩිස් කටයුතු කර ඇති අතර ඔහු සුවෙන් සිටින බව තහවුරු කිරීමෙන් පසු කමිඳු මෙන්ඩිස් සිය සතුට පළ කර තිබෙනවා.

World News

Send your contact Details Today