Latest News

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ, ශ්‍රී ලංකාව හිමිකම් කියන විරල ටෙස්ට් වාර්තාව

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

1991 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව අවසන් වරට එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ තරග පහක් ජය පරාජයකින් තොරව අවසන් වීමත් විශේෂත්වයක්.

1991 වසරේ ලෝඩ්ස්හි පැවැති තරගය එංගලන්ත කණ්ඩායම ලකුණු 137කින් ජයගැනීමට සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 282ක් රැස්කරගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 224ක් පමණයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම‌ට ලකුණු 58ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය කඩුලු 03ක් දැවි ලකුණු 364ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 422ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 285ක් පමණයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව 2002, 2006, 2011, 2014 සහ 20216 යන වසරවල ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී තරග පවත්වා ඇතත් ඒ සියල්ල අවසන් වී ඇත්තේ, ජය පැරදුමකින් තොරවයි.

2024/25 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගාවලියේ දෙවන තරගය ඊයේ (29) ලෝඩ්ස්හි දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුව රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 08ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 406ක්.

එහි දී ජෝ රූට් ලකුණු සිය 33 වන ශතකය සමඟින් රැස්කරගත්තේ ලකුණු 143ක් ලබා ගනිමින්.

ඒ අනුව එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ලාභියා ලෙස හිටපු නායක ඇලිස්ටියාර් කුක් හා සම තත්ත්වයට පත් වුණා.

මොවුන් දෙදනාගෙන් අනතුරුව එහි දෙවන ස්ථානයේ පසුවන්නේ ශතක 23ක් රැස්කර අති කෙවින් පීටර්සන් වීමත් විශේෂත්වයක්.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රියාකාරී ක්‍රීඩකයින්ගේ වැඩිම ශතකලාභියා වන්නේ ද ජෝ රූට්.

World News