Latest News

ඇමරිකානු සහ ඊශ්‍රායල හිතවාදී කර්මාන්තශාලාවලින් ඉවත් වන්නැයි ඉරානය අනතුරු අඟවයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ සබඳතා පවත්වන කලාපීය කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ට සහ ඒ අවට පදිංචිකරුවන්ට වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ බැර ජල මධ්‍යස්ථානයක් සහ “යෙලෝකේක්” නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව ඇමරිකානු කොටස්කරුවන් සහිත සමාගම් මෙන්ම ඊශ්‍රායලයට සහාය දක්වන කලාපයේ පිහිටි කර්මාන්තශාලා ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට එම බලකාය අනතුරු අඟවා තිබේ.
එමෙන්ම එවැනි ස්ථානවල සේවය කරන සේවකයන් වහාම සේවා ස්ථානවලින් ඉවත් විය යුතු බවත්, අදාළ ස්ථානවල සිට කිලෝමීටරයක් ඇතුළත පදිංචි සිවිල් ජනතාවටද ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස දැනුම් දී ඇත

World News

Send your contact Details Today