නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට නියමිත ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසීමට පියවර රැසක් ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුවේ සභාපති මහාචාර්ය ලූක් විලියම් හාඩින් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
භාෂා පර්යේෂණ හා ඇගයීම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි මහාචාර්ය හාඩින් මාර්තු 20 සිට 25 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් නව ඇගයීම් ක්‍රමය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡා සහ වැඩමුළු රැසකට සහභාගී වීමට නියමිතය.
ඔහු විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ඩිජිටල් කාර්ය සාධක බලකාය සහ ගුරුවරුන් සමඟ ද විශේෂ හමුවීම් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත මොඩියුල පාදක අධ්‍යාපන ක්‍රමය යටතේ නව ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දෙන බවයි.
පන්ති කාමරය තුළ සිසුන්ගේ ක්‍රියාකාරකම් නිසි ලෙස ඇගයීමට ගුරුවරුන්ට පැහැදිලි මාර්ගෝපදේශ ලබා දීම වැදගත් බව ද ඇය සඳහන් කළාය.
නව ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන කොටස ලෙස ඇගයීම් ක්‍රියාවලිය හඳුන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ගුරුවරුන්ට සහ සිසුන්ට අතිරික්ත පීඩනයක් නොමැතිව, දක්ෂතා හඳුනාගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය ගුණාත්මක කිරීමට මෙම නව ක්‍රමය උපකාරී වන බව පැවසුවාය.
මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව