Latest News

මෝදිගෙන් නව වාර්තාවක් – දින 8,931ක් රජයක නායකත්වය

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දින 8,931ක් රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
මෙම වාර්තාවට පෙර වැඩිම කාලයක් රජයක නායකත්වය දැරූ පුද්ගලයා ලෙස සැලකුණේ
පවන් කුමාර් චැම්ලින්
ය. ඔහු දින 8,930ක් Sikkim ප්‍රාන්තයේ මහ ඇමති ලෙස කටයුතු කර තිබුණි.
ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙසත්, ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් මෝදි මහතා දැරූ සමස්ත සේවා කාලය මෙම වාර්තාවට පදනම් වී ඇත. එමෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ වැඩිම කාලයක් මහ ඇමති ධුරය දැරූ නායකයා ද ඔහුය.
2014, 2019 සහ 2024 මහ මැතිවරණවලදී අඛණ්ඩව තෙවතාවක් සිය පක්ෂය ජයග්‍රහණය කරවීමටද ඔහු සමත් වී තිබේ.
තම පාලන කාලය පිළිබඳ අදහස් දක්වමින් මෝදි මහතා පවසා ඇත්තේ, 2001දී ගුජරාට් මහ ඇමති ධුරය භාරගන්නා විට එම ප්‍රාන්තය දැඩි අභියෝගවලට මුහුණ දී තිබූ බවත්, එම තත්ත්වය මධ්‍යයේ එය සංවර්ධිත ප්‍රාන්තයක් බවට පත් කිරීමට හැකි වූ බවත්ය.
පසුගිය වසර 11ක කාලය තුළ ඉන්දියාවේ කෝටි 25කට අධික ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බවත්, “Viksit Bharat” නම් සංවර්ධිත ඉන්දියාවක් ගොඩනැගීම තම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ

World News

Send your contact Details Today