Latest News

බස් ගාස්තුව 10%ට වඩා ඉහළට

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුදු ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සියයට 10කට වඩා වැඩි අගයකින් ඉහළ යාමට ඉඩ ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්නිලාන් මිරැන්ඩා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා හෙට (23) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාව ඉදිරිපත් කරන බවයි.
පසුගිය වසරේ ජූලි මාසයේදී බස් ගාස්තු ගණනය කරන විට සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවති අතර, නවතම ඉන්ධන මිල සංශෝධනයත් සමඟ එය රුපියල් 382 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඩීසල් මිල වැඩිවීම බස් ගාස්තු සූත්‍රයට ගැලපූ විට සියයට 10කට වඩා වැඩි ප්‍රමාණයකින් ගාස්තු ඉහළ යාමට හේතුවී ඇතැයි සඳහන් වේ.
මේ අතර බස් ගාස්තු සංශෝධනය නොකළහොත් හෙට (23) සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති
ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.
එමෙන්ම අන්තර් පළාත් බස් රථද ධාවනයෙන් ඉවත් විය හැකි බව සරත් විජිත කුමාර සඳහන් කළේය.

World News

Send your contact Details Today