Latest News

කොවිඩ් අවදානමක් නෑ – අනවශ්‍ය බිය වෙන්න එපා

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ දැනට නව COVID-19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්අනිල් ජාසිංහ
ප්‍රකාශ කරයි.වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, පසුගිය සති කිහිපයේ ආසියානු රටවල් කිහිපයක COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණද, ශ්‍රී ලංකාව තුළ එවැනි ව්‍යාප්තියක් මේ වනවිට නිරීක්ෂණය නොවන බවයි.
එමෙන්ම රට පුරා තෝරාගත් රෝහල්වල සායනික සාම්පල පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදුකරන අතර, වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය ආවේක්ෂණ පද්ධතිය සක්‍රීයව පවත්වාගෙන යන බවද සඳහන් වේ.
කෙසේ වෙතත් වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති අය වැඩි අවදානමට ලක්විය හැකි බැවින් මූලික සනීපාරක්ෂක පිළිවෙත් පවත්වා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
මහජනතාව නිල වශයෙන් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙසද සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටී.

World News

Send your contact Details Today