Latest News

මැදපෙරදිග උණුසුම වැඩිවෙයි – අමෙරිකානු කඳවුරු 21ක් ඉලක්ක කර ප්‍රහාර

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාකය ඇතුළු මැදපෙරදිග කලාපයේ පිහිටි එක්සත් ජනපදය හමුදා කඳවුරු ඉලක්ක කර පසුගිය පැය 24 තුළ පමණක් ප්‍රහාර 21ක් එල්ල කළ බව ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධී කණ්ඩායම් පවසනවා.
එම කණ්ඩායම් සඳහන් කරන්නේ මෙම ප්‍රහාර සඳහා
ඩ්‍රෝන යානා රොකට් ප්‍රහාර දුසිම් ගණනක් භාවිත කළ බවයි.
මේ අතර ඊශ්‍රායලය දකුණුදිග පිහිටි එරාඩ් නගරයට සෘජුවම පතිත වූ බැලැස්ටික් මිසයිලයක් වළක්වා ගැනීමට ආරක්ෂක පද්ධති අසමත් වූයේ කෙසේද යන්න පිළිබඳව එරට ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ,
මිසයිල දෙකක් මැදදී විනාශ කිරීමට ගත් උත්සාහ දෙකම අසාර්ථක වූ බවත්, ඒ හේතුවෙන් ආරක්ෂක පද්ධති ක්‍රියාකාරිත්වය පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.
මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

World News

Send your contact Details Today