Latest News

රුහුණු මහා කතරගම දේවාලයට නව ප්‍රධාන කපු පත්වෙයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය හි නව ප්‍රධාන කපු ධුරය සඳහා සරත් සේපාල රත්නායක පත් කර තිබේ.
මෙම පත්වීම සිදු කර ඇත්තේ හිටපු ප්‍රධාන කපු සොමිපාල ටී. රත්නායක මහතාගේ අභාවයෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහාය.
කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මදුසංක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවති කපු මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
එහිදී ටී. ආර්. කරුණාරත්න කපු තැන විසින් සරත් සේපාල රත්නායකගේ නම යෝජනා කර ඇති අතර, ආනන්ද ටී. රත්නායක විසින් එම යෝජනාව ස්ථිර කර තිබුණි.

World News

Send your contact Details Today