අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් L. රෝහණ පෙරේරා මේ බව සඳහන් කළේය.
ඔහු පැවසුවේ, ඉන්ධන මිල නැවතත් ඉහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ සේවාව පවත්වාගෙන යාම දැඩි ගැටලුවක් වී ඇති බවයි.
“අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ සේවාවට විශාල ගැටලුවක්. අපේ සේවාව කරන්න තෙල් නෑ, ඒ මදිවට රජය මිල ගණන් වැඩිකරලා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ.
අපි යෝජනා කරනවා ත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 20ක් වැඩි කරන්න.
මේ පිළිබඳව කටයුතු කරන්න පුළුවන් මීටර භාවිතා කරන රියදුරන්ට පමණයි.
පවතින තත්ත්වය ගැන කියන්න ළඟදීම ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා.”
එම ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.