ඊශ්‍රායල හි ඩිමෝනා නගරයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අදාළ ප්‍රහාර දර්ශන වීඩියෝ කිරීමට ගොස් සිටියදී ගොඩනැගිලිවල වීදුරු කඩා වැටීම හේතුවෙන් ඔවුන් තුවාල ලබා ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ඊයේ (21) ඉරානය විසින් ඩිමෝනා නගරයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබූ අතර, එය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වන අතර, ප්‍රහාරය එල්ල වූ ස්ථානය න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයෙන් කිලෝමීටර් 13ක් පමණ දුරින් ඇති බව සඳහන් වේ.