බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදු කිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකළ බවද කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අතර, අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමීම සියයට 31ක වැඩිවීමක් වන බැවින් ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය බවයි