කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් එරට මුහුදු සීමාවට කඩා වැටී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටරයේ සිටි පිරිස සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවී ඇති බව Qatar Ministry of Defence උපුටා දක්වමින් එම වාර්තාවල සඳහන් වේ.
බලධාරීන් පවසන්නේ, අනතුරට හේතුව පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක බවයි.