හෝමුස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරාන හි සියලු බලාගාර විනාශ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ තම Truth Social ගිණුමේ සටහනක් තබමිනි.
එම සටහන අනුව, සටහන පළ කළ මොහොතේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බව සඳහන් කර ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සටහන පළ කර ඇත්තේ මාර්තු 21 වන දින GMT 23:44ට වන අතර, ඒ අනුව මාර්තු 23 වන දින GMT 23:44 දක්වා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවකාශය හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.