162 වන පොලිස් විරු දිනය අද (21)ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් අද උදෑසන පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පිහිටි විරු සමරු ස්මාරකය අසලදී සැමරුම් උත්සවයක් පැවැත්වුණි.
මෙම අවස්ථාවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වය හිමිවූ අතර, රට වෙනුවෙන් දිවි පිදූ පොලිස් විරුවන් සිහිපත් කිරීමක් ද එහිදී සිදු කෙරුණි.
එමෙන්ම රාජකාරියේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීම ද පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පැවැත්වුණි.
මෙම පොලිස් විරු දිනය සෑම වසරකම රාජකාරි කටයුතු අතරතුර ජීවිතය අහිමි වූ පොලිස් නිලධාරීන් සිහිපත් කිරීම සඳහා සංවිධානය කරනු ලබයි.