Latest News

.ගිම්හාන කාලයත් සමඟ වේලාව පැයකින් අඩුවේ

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු අර්ධගෝලයට ගිම්හාන කාලය ආරම්භ වීමත් සමඟ, Daylight Saving Time (DST) ක්‍රියාත්මක කරන රටවල වෙලාව පැයකින් වෙනස් වන අතර, එහි බලපෑම ලෙස ඊශ්‍රායලය, යුරෝපයේ බොහෝ රටවල් සහ උතුරු ඇමරිකානු කලාපයේ වෙලාව ඉදිරි සතියේ සිට වෙනස් වන බව වාර්තා වේ.
ඒ අනුව, 2026 මාර්තු 27 දින සිට ඊශ්‍රායල හා ශ්‍රී ලංකා අතර දැනට පවතින පැය 3 විනාඩි 30 ක කාල වෙනස
පැය 2 විනාඩි 30 දක්වා අඩුවීමට නියමිතයි.
මෙය සිදුවන්නේ ඊශ්‍රායලය ඇතුළු රටවල් ගිම්හාන කාලයට අනුව ඔරලෝසු පැයකින් ඉදිරියට ගෙන යාම නිසාය.
බොහෝ
ස්මාර්ට් දුරකථන
පරිගණක
ස්මාර්ට් ඔරලෝසු
ස්වයංක්‍රීයව වෙලාව යාවත්කාලීන කරගන්නා අතර,
සාමාන්‍ය ඔරලෝසු සහ සමහර දුරකථන වල වෙලාව අතින් වෙනස් කරගත යුතු බවත් දැනුම් දී තිබේ.
මෙම වෙනස විශේෂයෙන්
විදේශ රැකියා
ගුවන් ගමන්
සජීවී විකාශන
අන්තර්ජාල මාර්ගගත රැස්වීම්
සඳහා අවධානය යොමු කළ යුතු කරුණක් ලෙස සැලකේ.

World News

Send your contact Details Today