ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කර
රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියට අදාල නඩුව මහින්දානන්ද අඅලුත්ගමගේ ඇතුළු
සැකකරුවන්ට එරෙහිව යළි අගෝස්තු 25 වැනිදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය ලබාදී ඇත්තේ
මහේස්ත්‍රාත් අසංග S. බෝදරගම විසින්
නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම
අධිකරණයට දන්වා සිටියේ
මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතින බැවින්
තවත් දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව නඩුව යළි අගෝස්තු 25 දින කැඳවීමට නියම කළ අතර එදින විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමෙන්
රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු වූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.