ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව
ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය හේතුවෙන්
ලෝක බලශක්ති වෙළඳපොළට ඇතිවී ඇති බලපෑම සලකා ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව සලකා බලමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමෙරිකානු භාණ්ඩාගාර ලේඛම් ස්කොට් බෙසන්ට් විසිනි.
ඔහු පෙන්වා දී ඇත්තේ, සම්බාධක ඉවත් කළහොත් ගෝලීය ගැනුම්කරුවන්ට වැඩි තෙල් ප්‍රමාණයක් ලබාගත හැකි බවත්එමඟින් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ යා හැකි බවයි.
නැව් ගමනාගමනයට සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට
යුද තත්ත්වය හේතුවෙන් බාධා එල්ලවීමත් සමඟ
ලෝකය පුරා බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
මෙම පියවර ක්‍රියාත්මක වුවහොත් ඉරානයට එරෙහි ඇමරිකාවේ දිගුකාලීන ප්‍රතිපත්තියේ
විශාල වෙනසක් සිදුවනු ඇති බවත්
එමඟින් ඉරානයට ආර්ථික වාසි ලැබිය හැකි බවත්
විදෙස් විශ්ලේෂකයින් පවසනවා.
යුද්ධයට පෙර චීනය ඉරාන තෙල්වල ප්‍රධාන ගැනුම්කරු වූ අතර සම්බාධක හේතුවෙන් චීනය
වට්ටම් සහිත මිලට තෙල් ලබාගෙන ඇති බවද
වාර්තා සඳහන් කරනවා.
සම්බාධක ඉවත් කළහොත්
දින 10 – 14 අතර කාලයකදී
ගෝලීය තෙල් මිල පහළ යා හැකි බවට
ඇස්තමේන්තු කර තිබෙනවා.