ජාත්‍යන්තරයෙන් ප්‍රහාර නතර කරන ලෙස ඉල්ලීම් ලැබී තිබියදීත්, කුවේට් රජයට අයත්
Mina Al-Ahmadi තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව
එරට තෙල් සංස්ථාව තහවුරු කර තිබෙනවා.
ප්‍රහාරය හේතුවෙන් පිරිපහදුවේ ඒකක කිහිපයක ගින්නක් හටගෙන ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස එම කොටස්වල මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇති බව සඳහන්. මේ අතර ඊශ්‍රායලය විසින්
ඉරානය ගෑස් හා බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර
එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් වෙත ප්‍රහාර පුළුල් කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ