Latest News

ඉරානයට එරෙහි යුද්ධය නවත්වන්නේ නෑ – නෙතන්යාහු

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ
ඊශ්‍රායලය ඉරානයට එරෙහිව අඛණ්ඩව යුද වදින බවයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයකට පෙළඹවූයේ ඊශ්‍රායලය නොවන බවත්,
අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත
ඉරානයේ බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර තාවකාලිකව නතර කළ බවයි.
ඒ අතරතුර ඉරානය විසින් ජෙරුසලම් වෙත ප්‍රහාර එල්ල කළ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඊශ්‍රායලය විසින්
South Pars ස්වාභාවික වායු නිධියට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු
ඉරානය ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කර
මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.එහිදී Ras Laffan, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය, සහ කුවේට් හි බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක වී ඇති බව සඳහන්.
මෙම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලද ඉහළ ගොස් ඇති අතර
Strait of Hormuz හරහා යන නෞකා වලට
ගාස්තු අය කිරීම පිළිබඳ යෝජනාවක්ද ඉරාන පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙමින් පවතින බව
විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today