ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ,
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාජපානය වැඩි වශයෙන් සහාය ලබා දිය යුතු බවයි.
ඉරානය සමඟ පවතින යුදමය උණුසුම හමුවේ
ජාත්‍යන්තර නෞකා ගමනාගමනයට අතිශය වැදගත් මෙම මුහුදු මාර්ගය ආරක්ෂා කිරීම
ඇමරිකා එක්සත් ජනපදය පමණක් නොව
අනෙකුත් රටවල්ද භාරගත යුතු බව ඔහු සඳහන් කර තිබෙනවා.
ජපානය තම තෙල් අවශ්‍යතාවයෙන් 90%කට වැඩි ප්‍රමාණයක්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ලබා ගන්නා බැවින්
එම මාර්ගයේ ආරක්ෂාව සඳහා මැදිහත් වීමට
ජපානයට ප්‍රබල හේතුවක් ඇති බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
මීට පෙර ඔහු Truth Social හරහාද
මෙම මාර්ගය ආරක්ෂා කිරීමට රටවල් එක්විය යුතු බව ඉල්ලා සිටි අතර
ප්‍රතිචාර නොලැබීම පිළිබඳවද ඔහු අසතුට පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.