බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65ක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට
රුපියල් 2,500ක දඩයක් සහ මාස 2ක අනිවාර්ය සිරදඬුවමක් නියම කිරීමට
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයෙ (19) නියෝග කළා.
මෙලෙස දඬුවම් නියමව ඇත්තේ
බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.
වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින්
තොග වශයෙන් ඉන්ධන ලබාගත් බවට ලැබුණු තොරතුරකට අනුව
වැල්ලවත්ත පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර,
අත්අඩංගුවට ගැනීමේදී ලොරි රථයෙන් පෙට්‍රල් ලීටර 65ක් අඩංගු කෑන් 4ක්
සොයාගෙන ඇති බවත්, එම ඉන්ධන තොගයේ වටිනාකම රුපියල් 20,000කට ආසන්න බවත්
පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.