ලෝකයේ සතුටින්ම සිටින රටවල් ශ්‍රේණිගත කිරීම අනුව ෆින්ලන්තය 2026 වසරේදීද පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
මෙය ෆින්ලන්තය අඛණ්ඩව පළමු ස්ථානයට පත්වූ 9වන වතාව ලෙස සඳහන්. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය
වෙල්බීංග් පර්යේෂණ ඒකකය විසින් වන අතර,
ලෝකයේ රටවල්වල ජනතාවගේ සතුට, ජීවන තත්ත්වය සහ සමාජ සාධක පදනම් කරගෙන
මෙම වාර්තාව සකස් කර තිබේ.
ලෝකයේ සතුටින්ම සිටින රටවල් 10 අතරට
අයිස්ලන්තය,
ඩෙන්මාර්කය,
ස්වීඩනය සහ
නෝර්වේ ද ඇතුළත්ව ඇති අතර
මෙම සියලු රටවල් උතුරු යුරෝපයට අයත් නෝඩික් රටවල් ලෙස හැඳින්වේ.