වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න
විසින් ගොනු කර තිබෙන පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා දැනුම් දෙන ලෙසඅභියාචනාධිකරණය
අද (19) පාර්ශවකරුවන්ට නියෝග කළා.
අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී
නීතිපති දෙපාර්තමේන්තුව
වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුඅධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.